ජාතික යෞවන සම්මාන තරගාවලිය සහ ජාතික යෞවන සම්මාන උළෙල - 2023


ජාතික තරුණ සේවා සභාව මගින් වර්ෂිකව සංවිධානය කොට පවත්වනු ලබන ජාතික යෞවන සම්මාන තරගාවලිය හා යෞවන සම්මාන උළෙල මෙවරද 43 වන වරටත් පැවැත්වීමට කටයුතු යොදා ඇත
යෞවන සම්මාන තරගාවලිය - 2023 සිංහල දමිළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හා ආබාධ සහිත තරුණ තරුණියන් සදහා පැවැත්ව

යෞවන සම්මාන තරඟයට අදාළ පොදු උපදෙස්
  1. 1) 2023 යෞවන සම්මාන තරගාවලියේ තරග සදහා ඉදිරිපත් විය හැකි වයස් සීමාව අවුරුදු 15 - 29 අතර වේ. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය වන 2023 03 24 වන දිනට අවුරුදු 15 - 29 අතර වීම (1994 03 24 දිනට පසු හා 2008 03 24 දිනට පෙර උපන් අය විය යුතුය)
  2. 2) අයදුම්පත් කැදවීමේ අවසන් දිනය 2023 03 24
  3. 3) සෑම තරගකරුවෙක්ම දිස්ත්‍රික්ක පළාත් හා ජාතික තරග සදහා ඉදිරිපත් වීමේදී තම අනන්‍යතාවය සහ වයස සනාථ කළ යුතුය ඒ සදහා ජාතික හැදුනුම්පත ගුවන් ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කල හැකි අතර එසේ නොමැති විට උප්පැන්න සහතිකයේ මුල් පිටපත සමග අදාල ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී විහාරාධිපති හෝ රජය පිළිගත් විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු විසින් සහතිකර කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ ජායාරූපයක් ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ ජාතික හැදුනුම්පතේ පදිංචිය සදහන් දිස්ත්‍රික්කයෙන් පමනක් තරග සදහා ඉදිරිපත් වීමට හැකියාව ඇත කිසියම් තරගකරුවෙකු හැදුනුම්පතේ සදහන් දිස්ත්‍රික්කයෙන් හැර වෙනත් දිස්ත්‍රික්කයකින් තරගයට ඉදිරිපත් වීමේදී එම දිස්ත්‍රික්කයේ පදිංචි බවට ග්‍රාම නිලධාරී සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ නියමිත පරිදි පදිංචිය තහවුරු කිරීමට අපොහොසත් තරගකරුවන්ට කිසිම හේතුවක් මත තරගාවලියට ඉදිරිපත්වීමට අවස්ථාව නොලැබේ
  4. 4) සම්මාන උළෙලින් පසුව වුවද කිසියම් වංචනික ක්‍රියාවක් කල බවට ඔප්පු වුවහොත් සම්මාන සහතිකය අවලංගු කිරීම ඉදිරි යෞවන සම්මාන තරග සහභාගිත්වය අවලංගු කිරීම ආදී ජාතික තරුණ සේවා සභාව ගනු ලබන තීරණයන්ට තරගකරුවන් අවනත විය යුතුය
  5. 5) තරග සදහා වන ගැටළු වලදී අභියාචනා ඉදිරිපත් කිරීම හෝ විමසීම් කිරීම ඒකල තරගයක නම් අදාළ තරගකරුද කණ්ඩායම් තරගයක නම් කණ්ඩායමේ නායකයා විසින්ද සිදු කල යුතුය බාහිර පාර්ශවයන්ට ඒ සදහා මැදිහත් විය නොහැක
  6. 6) තරගාවලිය සම්බන්ධ තොරතුරු සහ චක්‍රලේඛ උපදෙස වෙබ් අඩවිය මගින් ලබා ගත හැකිය
  7. 7) සියළු විමසීම සෞන්දර්ය කුසලතා සංවර්ධන අංශය 0112850986 දිගුව 414/ 0112746601
යෞවන සම්මාන දිස්ත්‍රික් තරඟාවලිය
    පළමු අදියරේදී දිස්ත්‍රික් මට්ටමින් යෞවන සම්මාන තරග පැවැත්වේ. එම තරගාවලියෙන් ප්‍රථම, දෙවන සහ තෙවන ජයග්‍රහන ලබා ගන්නා තරුණ තරුණියන් පළාත් යෞවන සම්මාන තරගාවලිය සදහා ඉදිරිපත්වීමට සුදුසුකම් ලබයි
යෞවන සම්මාන පළාත් තරඟාවලිය
    දිස්ත්‍රික් තරගාවලියෙන් ප්‍රථම දෙවන සහ තෙවන ජයග්‍රහන ලබා ගන්නා තරගකරුවන් සදහා පළාත් තරග පැවැත්වේ පළාත් මට්ටමේ තරගාවලියෙන් ප්‍රථම හා දෙවන ස්ථානය ලබාගන්නා තරුණ තරුණියන් පමනක් ජාතික යෞවන සම්මාන තරගාවලිය සදහා ඉදිරිපත් වීමට සුදුසුකම් ලබයි
යෞවන සම්මාන ජාතික තරගාවලිය
    පළාත් මට්ටමින් පවත්වනු ලබන යෞවන සම්මාන තරගාවලියෙන් ප්‍රථම හා දෙවන ස්ථානය ලබා ගන්නා තරුණ තරුණියන් සදහා ජාතික මට්ටමේ තරග පැවැත්වෙන අතර ජයග්‍රාහකයින්ට සම්මාන ප්‍රදානය කිරීම ජාතික යෞවන සම්මාන උළෙලේදී සිදු කෙරේ

    යෞවන සම්මාන ජාතික තරග පැවැත්වෙන්නේ ජාතික තරුණ සේවා සභාව මගින් නියම කරනු ලබන දිනයන්හිදී පමනක් වන අතර එම දිනයන්හිදී තරගකරුවන් තරගය සදහා සහභාගි විය යුතුය. නියමිත දිනට සහභාගි නොවන තරගකරුවන් සදහා නැවත දිනකදී එම තරගය පැවැත්වීමට කටයුතු කරනු නොලැබේ
තරග අංශ පැවැත්වීම සදහා පොදු තරග කොන්දේසි
    1) කාල පරාසය නොසලකා හරින නිර්මාණ විනිශ්චය සදහා සලකා බලනු නොලැබේ
    2) චිත්‍ර ජායාරූප මූර්ති හා කැටයම් තරග අංශ සදහා ඉදිරිපත්වන තරගකරුවන්ට එක් තරග අංශයකින් එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ හැකි අතර තරග අංශ කැමති සංඛ්‍යාවකට ඉදිරිපත් විය හැකිය
නර්ථන තරග සදහා තරග කොන්දේසි
    1) සියළු නර්ථන තරග සදහා සහය ගායනා සහ වාදන ශිල්පීන්ට වයස් සීමාව අදාල නොවන අතර ඒ සදහා සාමාජිකයින් උපරිම අට දෙනෙකු යොදවා ගත හැකිය. සහය ගායන හා වාදන ශිල්පීන් සදහා සහතිකපත්‍ර හෝ සම්මාන හිමි නොවේ
    2) මිශ්‍ර තරග සදහා උපරිම සංඛ්‍යාවට අමතරව සාමාජිකයින් 04 දෙනෙකු එක් තරග අංශයක් සදහා (කාන්තා 02 පිරිමි 02 ලෙස) ආදේශ වශයෙන් නම් කල හැකි අතර එකී නම් පළාත් හා දිස්ත්‍රික් අයදුම්පත්‍ර ලේඛණයේ ඇතුලත් විය යුතුය. ආදේශ කල හැක්කේ එසේ නම් කල සාමාජිකයින් පමණි. ආදේශ ලෙස නම් කොට නොමැති කිසිදු තරගකරුවෙකුට තරගයට ඉදිරිපත් විය නොහැක
    3) සියළුම නැටුම් තරග අදාල රංග වස්ත්‍රාභරණයෙන් සැරසී ඉදිරිපත් කල යුතු අතර සහය බෙර වාදන ශිල්පීන් අදාල රංග වස්ත්‍රාභරණයෙන් සැරසී සිටිය යුතුය. දිස්ත්‍රික් හා පළාත් තරග වලදී පමනක් පෙරහුරු ඇදුම් කට්ටලයෙන් සැරසී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ
    4) ශාස්ත්‍රීය (උඩරට, පහතරට හා සබරගමු) නැටුම් වලට පටිගත කරන ලද සංගීතය භාවිතා කළ නොහැකි අතර නව නිර්මාණ, ජන නැටුම්, භරත හා කථක් නැටුම් සදහා පටිගත කරන ලද සංගීතය අවශ්‍යතාවය අනුව භාවිතා කළ හැකිය
    5) මිශ්‍ර තරග සදහා කණ්ඩායමක සාමාජිකයින් ගණන අවම 06 ක් හා උපරිම 12 ක් විය යුතු අතර කාන්තා හා පිරිමි සම සමව ඇතුලත් විය යුතුය
සංගීත තරග සදහා තරග කොන්දේසි
    1) සියළු සංගීත තරග සදහා සහය වාදන ශිල්පීන්ට වයස් සීමාව අදාල නොවන අතර ඒ සදහා සාමාජිකයින් උපරිම අට දෙනෙකු යොදවා ගත හැකිය සහ ගායන හා වාදන ශිල්පීන් සදහා සහතිකපත්‍ර හෝ සම්මාන හිමි නොවේ
    2) සංගීත තරග අංශය සදහා අවශ්‍ය වාදන භාණ්ඩ අදාල තරගකරුවන් විසින් සපයා ගත යුතුය
    3) සහය වාදන ශිල්පීන් අවශ්‍ය පරිදි සපයා ගත යුතුය
    4)තරග සදහා ඉදිරිපත් වීමේදී සුදුසු ඇදුමකින් සැරසී සිටිය යුතුය සහය ශිල්පීන්ද ඇතුළුව
Contact Us
+94 0112 850 986
+94 0112 746 601