OISCA කෘෂිකාර්මික පුහුණු වැඩසටහන 2025

OISCA ආයතනය මගින් ප්‍රධාන ය කරනු ලබන OISCA කෘෂිකාර්මික පුහුණු වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. මෙම පාඨමාලාව පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානයක් යටතේ ජපානයේ පැවැත්වේ.
ශිෂ්‍යත්ව සංඛ්‍යාව 02

අයැදුම් කරුවන් සඳහා වන කොන්දේසි

  • වයස: අවුරුදු 32 ට අඩු වීම
  • පාඨමාලාව හැදෑරීම සඳහා යෝග්‍ය සෞඛ්‍ය සම්පන්න විය යුතු ය,
  • කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලීමට ඇල්මක් තිබිය යුතුයි
  • පාඨමාලාව හැදෑරීමෙන් පසු නැවත දිවයිනට පැමිණිය යුතුයි
  • එළවළු, වී වගාව සහ/හෝ කුකුළු පාලනය පිළිබඳ අත්දැකීම් එකක් හෝ කිහිපයක් තිබෙන අපේක්ෂකයින් සඳහා වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ.
  • සියලු ම අභ්‍යාස ලාභීන් තම පාඨමාලාව අවසන් කිරීමෙන් පසු වසර දෙකක කාලයක් සඳහා OISCA වැඩසටහන් සහ ජාතික තරුණ සේවා සභා වැඩසටහන් සඳහා සහාය වන බවට ගිවිසුමක් අත්සන් කළ යුතුයි.
  • පුහුණුව අවසානයේ අනිවාර්යයෙන් දිවයිනට පැමිණිය යුතු අතර එසේ කටයුතු කරන බවට බවට ජාතික තරුණ සේවා සභාව සමඟ ගිවිසුමකට එකඟ විය යුතුයි.
  • තොර ගනු ලබන අයැදුම් කරුවන් රජයේ සේවක ඇපකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂිය සමඟ පුහුණුකරු අතර කොන්ත්‍රාත්තු ගිවිසුමකට අත්සන් කළ යුතු අතර එම ගිවිසුම් කඩ කරන්නන් පුහුණු කාලය තුළ දරන ලද වියදම් ජාතික තරුණ සේවා සභාවට සහ ඔයිස්කා ආයතනයට රුපියල් මිලියනයක් ප්‍රතිපූරණය කළ යුතු අතර නීත්‍යනුකූල ව එම අයැදුම් කරුවන්ට එරෙහිව කටයුතු කරනු ඇත.

පුහුණු අන්තර්ගතය

  1. දේශන 10%, ප්‍රායෝගික පුහුණුව 70%, ක්ෂේත්‍ර පුහුණුව පිළිබඳ 20%
  2. මූලික පුහුණුව: මුල් මාස 2 ක ජපන් භාෂාව සහ සංස්කෘතිය ඉගෙනීම

ප්‍රධාන පුහුණුව:

  1. වගා තාක්ෂණය සහ ගොවිපළ කළමනාකරණය.
  2. OISCA හි දර්ශනය අනුගමනය කරමින් සමාජ දායකත්වය සහ ගැටළු විසඳීමේ හැකියාව පිළිබඳ දැනුවත් භාවය වර්ධනය කිරීම.
  3. පාඨමාලාව අවසන් වීමට මාස දෙකකට පෙර, පුහුණු වන්නා ජපානයේ තම පුහුණුවේ සාරාංශය කිරීමට, ඔවුන්ගේ අනාගත ව්‍යාපෘතියේ සැලැස්ම සහ එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට අපේක්ෂා කෙරේ

පාඨමාලා අන්තර්ගතය

  1. කෘෂිකර්මයේ සාමාන්‍ය මූලික කුසලතා සහ ශිල්පීය ක්‍රම
  2. ශ්‍රී ලංකාවේ තත්ව යන්ට / පරිසරයට ගැළපෙන කෘෂිකාර්මික ශිල්පීය ක්‍රමෙ. අභ්‍යාස ලාභියාගේ ඉල්ලීම මත, විෂය පිළිබඳ ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් වැඩි දියුණු කර ගැනීම සඳහා, ඔවුන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය පාඨමාලා තෝරා ගත හැක.
  3. අඩු වියදම් ක්‍රම භාවිතයෙන් එළවළු, වී ගොවිතැන හෝ කුකුළු පාලනය- පිළිබඳ දැනුම
  4. මිල අධික ද්‍රව්‍ය භාවිතා නො කර ශ්‍රී ලංකාවේ පවතින ස්වාභාවික සම්පත් සමඟ ඵලදායී කෘෂිකර්මයක් නිර්මාණය කරන්නේ කෙසේ ද.
  5. අනුබද්ධ විෂය කරුණු

මෙම පාඨමාලාව සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන අයැදුම් කරුවන් පහත දිගුවෙන් අයැදුම් කරන්න අයැදුම් පත් භාර ගන්නා අවසාන දිනය ඡුනි 07