AI නිර්මාණ තරගාවලිය

Visual Arts - දෘෂ්‍ය නිර්මාණ

Written Content / ලිඛිත නිර්මාණ අංශ

Audio Content / ශ්‍රව්‍ය නිර්මාණ

Video Content / ශ්‍රව්‍ය - දෘශ්‍ය නිර්මාණ

AI Innovation Competition 2026 - තරග කොන්දේසි
අංකය තරග අංශය තරග කොන්දේසි
Visual Arts - දෘෂ්‍ය නිර්මාණ
01 AI Image Generation – නව රූප නිර්මාණය මාතෘකාව: 2050 වසරේ ශ්‍රී ලංකාව (The Sri Lanka of 2050)

2050 වසරේ ශ්‍රී ලංකාව කෙසේ පෙනෙනු ඇතිද යන්න කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණාත්මකව දර්ශනය කිරීම මෙම තරගයේ අරමුණයි.

අනාගත නගර, නවීන ප්‍රවාහන පද්ධති, තාක්ෂණික අධ්‍යාපනය, පරිසර හිතකාමී ජීවන රටාව, කෘෂිකර්මය, සෞඛ්‍ය සේවා, සංචාරක කර්මාන්තය හෝ තාක්ෂණයෙන් වෙනස් වූ දෛනික ජීවිතය ආදී ඕනෑම අදහසක් භාවිතා කළ හැකිය.
  • ශ්‍රී ලාංකීය අනන්‍යතාවය හා අනාගත දැක්ම නිරූපණය කළ යුතුය.
  • Size – 1080 × 1080 Pixels
  • Format – JPG / PNG
02 AI Graphic Design – සමාජ මාධ්‍ය වෙළඳ දැන්වීමක් නිර්මාණය කිරීම මාතෘකාව: NYSC AI Innovation Competition 2026

  • Facebook / Instagram සඳහා Advertisement Post එකක් විය යුතුය.
  • කෘතිම බුද්ධිය (AI) භාවිතයෙන් නිර්මාණය කළ යුතුය.
  • ප්‍රධාන ශීර්ෂය අනිවාර්යයෙන් ඇතුළත් විය යුතුය.
  • Call To Action එකක් තිබිය යුතුය (Register Now / Apply Now).
  • Modern, Clean, Eye-catching Design එකක් විය යුතුය.
  • AI / Technology / Youth Theme එකට ගැළපිය යුතුය.
  • Size – 1080 × 1920 Pixels
  • Format – JPG / PNG
Written Content / ලිඛිත නිර්මාණ
03 AI-Assisted Short Stories – කෙටි කතා නිර්මාණය මාතෘකාව: අනාගතයේ එක් දවසක්

  • AI භාවිතයෙන් කෙටි කතාවක් නිර්මාණය කළ යුතුය.
  • Future Day පසුබිමක් තිබිය යුතුය.
  • කෙටි කතා ආකෘතියක් විය යුතුය.
  • වචන 1000 – 1500 අතර විය යුතුය.
  • භාෂාව: සිංහල / දෙමළ
  • මාතෘකාවක් අනිවාර්ය වේ.
  • පැහැදිලි Story Structure එකක් තිබිය යුතුය.
04 AI Poem – පද්‍ය රචනා නිර්මාණය මාතෘකාව: අනාගතයේ එක් දවසක්

  • AI භාවිතයෙන් පද්‍ය රචනයක් නිර්මාණය කළ යුතුය.
  • Future Day පසුබිමක් විය යුතුය.
  • භාෂාව: සිංහල / දෙමළ
  • උපරිම පේළි 50
  • මාතෘකාවක් අනිවාර්ය වේ.
Audio Content / ශ්‍රව්‍ය නිර්මාණ
05 AI Music Composition – ගීතයක් නිර්මාණය මාතෘකාව: අනාගතයේ ගීතය

  • AI භාවිතයෙන් ගීතයක් නිර්මාණය කළ යුතුය.
  • භාෂාව: සිංහල / දෙමළ
  • පද රචනය වෙනම ඉදිරිපත් කළ යුතුය.
  • කාලය: මිනිත්තු 2 – 5
06 AI Podcast Production – පොඩ්කාස්ට් නිර්මාණය මාතෘකාව: නූතන තරුණයාගේ බලාපොරොත්තු

  • AI භාවිතයෙන් Podcast එකක් නිර්මාණය කළ යුතුය.
  • තනි පුද්ගල හෝ කණ්ඩායම් සංවාදයක් විය හැක.
  • භාෂාව: සිංහල / දෙමළ
  • කාලය: මිනිත්තු 4 – 10
  • Format: MP3 / WAV / MP4
Video Content / ශ්‍රව්‍ය - දෘශ්‍ය නිර්මාණ
07 AI Explainer Videos මාතෘකාව: අධ්‍යාපනික, තාක්ෂණික හෝ සමාජීය මාතෘකාවක් විය යුතුය.

  • AI භාවිතයෙන් Explainer Video එකක් නිර්මාණය කළ යුතුය.
  • භාෂාව: සිංහල / දෙමළ
  • කාලය: මිනිත්තු 1 – 5
  • Format: MP4
08 AI Social Media Reels මාතෘකාව: අනාගත තරුණයා බලාපොරොත්තු වන තරුණ සේවා සභාව

  • කාලය: තත්පර 30 – 90
  • Format: MP4
  • Aspect Ratio: 9:16
  • Resolution: 1080 × 1920
  • Title / Caption තිබීම සුදුසුය.