විශේෂ සටහන: අයදුම්පත් භාරගනු ලබන්නේ මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණි.

01. AI නිර්මාණ තරගාවලියට අදාළ පොදු උපදෙස්

  1. AI නිර්මාණ තරගාවලියේ තරග සඳහා ඉදිරිපත් විය හැකි වයස් සීමාව අවුරුදු 15 - 29 අතර වේ. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය වන 2026.08.10 වන දිනට අවුරුදු 15 - 29 ත් අතර වීම. (1997.08.10 දිනට පසු හා 2011.08.10 දිනට පෙර උපන් අය විය යුතුය)
  2. අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2026.08.10 වේ.
  3. ජාතික මට්ටමින් තරග පවත්වනු ලැබේ.
  4. සෑම තරගකරුවෙක්ම තරග සඳහා ඉදිරිපත් වීමේදී තම අනන්‍යතාවය සහ වයස සනාථ කළ යුතුය. ඒ සඳහා ජාතික හැදුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කළ හැකි අතර, එසේ නොමැති විට උප්පැන්න සහතිකයෙහි මුල් පිටපත සමඟ අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හෝ රජයේ පිළිගත් විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ ජායාරූපයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
  5. සියළුම තරග සඳහා ජාතික හැඳුනුම්පතේ පදිංචිය සඳහන් දිස්ත්‍රික්කයෙන් පමණක් තරගයට ඉදිරිපත් වීමට හැකියාව ඇත. කිසියම් තරගකරුවෙකු හැඳුනුම්පතේ සඳහන් දිස්ත්‍රික්කයෙන් හැර වෙනත් දිස්ත්‍රික්කයකින් තරගයට ඉදිරිපත් වීමේදී එම දිස්ත්‍රික්කයේ පදිංචි බවට ග්‍රාම නිලධාරී සහතිකය (මුල් පිටපත) ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. නියමිත පරිදි පදිංචිය තහවුරු කිරීමට අපොහොසත් තරගකරුවන්ට කිසිම හේතුවක් මත තරගාවලියට ඉදිරිපත් වීමට අවස්ථාව නොලැබේ. කණ්ඩායම් තරග වලදී කණ්ඩායමේ සියළුම සාමාජිකයින්ට මෙම කොන්දේසිය අදාළ වේ.
  6. සම්මාන උළෙලෙන් පසුව වුවද මෙම තරගාවලියට අදාළ කිසියම් වංචනික ක්‍රියාවක් කළ බවට ඔප්පු වුවහොත් සම්මාන සහතිකය අවලංගු කිරීම, ඉදිරි යෞවන සම්මාන තරග සහභාගිත්වය අවලංගු කිරීම ආදී ජාතික තරුණ සේවා සභාව ගනු ලබන තීරණයන්ට තරගකරුවන් බැඳී සිටී.
  7. ජාතික තරුණ සේවා සභාවේ ස්ථිර, අනියම් හා කොන්ත්‍රාත් කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය නොහැක.
  8. තරග සඳහා මතුවන ගැටළු වලදී අභියාචනා ඉදිරිපත් කිරීම හෝ විමසීම් කිරීම තරගකරු විසින් සිදු කළ යුතුය, බාහිර පාර්ශවයන්ට ඒ සඳහා මැදිහත් විය නොහැක.
  9. තරගාවලිය සම්බන්ධ තොරතුරු, සෞ.කු.සං./යෞ.ස./2026 යෞවන සම්මාන චක්‍රලේඛ උපදෙස් හා අයදුම්පත් යොමු කිරීම ආදී විස්තර www.nysc.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය. (මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලැබෙන අයදුම්පත් පමණක් භාර ගනු ලැබේ.)

02. තරග අංශ පැවැත්වීම සඳහා පොදු තරග කොන්දේසි
  • කාල පරාසය තුළ ඉදිරිපත් නොකරන නිර්මාණ විනිශ්චය සඳහා සලකා බලනු නොලැබේ.
  • ජාතික යෞවන සම්මාන 2026 චක්‍රලේඛයට පටහැණිව ඉදිරිපත් කර ඇති අයදුම්පත් හා නිර්මාණ පූර්ව දැනුම් දීමකින් තොරව තරගාවලියෙන් ඉවත් කරනු ලැබේ.

AI තරගාවලිය - සියලු තරග අංශ සඳහා පොදු කොන්දේසි
  • සියලුම නිර්මාණ AI Tools (ChatGPT, Midjourney, Runway, Canva AI ආදිය) භාවිතා කර නිර්මාණය කළ හැකි අතර අවසන් නිර්මාණාත්මක පාලනය සහ වගකීම තරගකරු සතුවේ.
  • වෙනත් නිර්මාණ කරුවෙකුගේ නිර්මාණ සෘජුව හෝ සංශෝධනය කර ඉදිරිපත් කිරීම සපුරා තහනම් වේ.
  • Copyright & Content Rights Images,Music ,Voice,Video සදහා Copyright - Free හෝ Self-generated content පමණක් භාවිතා කළ යුතුය.
  • එක් තරගකරුවෙකුට එක් තරග අංශයකට හෝ කිහිපයකට ඉදිරිපත් විය හැකිය.
  • තමාගේ නිර්මාණ නාමකරණය කිරීම මේ ආකාරයට සිදු කිරීම අනිවාර්ය වේ.Name_Area_Category ආකෘතියෙන් ගොනු නම් කළ යුතුය.
  • නිර්මාණය සදහා භාවිතා කරන සියලුම මෙවලම් පිළිබද විස්තර නිර්මාණය සමග ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. (උදා: Chat git, Canva AI,Capcut AI)
  • සෑම නිර්මාණයක් සමගම නිර්මාණයේ මාතෘකාව,අදහස, භාවිතා කළ AI Tools සහ Prompt/Workflow Summary(Screen Shot)සහ Editing Procecs පිළිබද කෙටි විස්තරයක් ඉදිරිපත් කළ යුතුය.
  • සැබෑ පුද්ගලයෙකුගේ රූපය,හඬ,නම,අනන්‍යතාවය හෝ චරිත ලක්ෂණ භාවිතා කරන්නේ නම් අදාළ පුද්ගලයාගේ ළිඛිත අවසරයක් ලබාගත යුතුය.
  • නියමිත අවසන් දිනෙන් පසුව නිර්මාණ භාර ගනු නොලැබේ.
  • AI මගින් නිර්මාණය කරන අන්තර්ගතය මගින් කිසිම පුද්ගලයකට හෝ කණ්ඩායමකට හානි නොවිය යුතුය. ඉදිරිපත් කරන සියලුම නිර්මාණ NYSC සංවිධානය ප්‍රචාරණය සහ ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිතා කිරීමේ අයිතිය හිමි වේ.
  • AI තරග අංශ වලට අදාළ නිර්මාණ 2026.09.10 දිනට පෙර සහකාර අධ්‍යක්ෂ (සෞන්දර්ය කුසලතා සංවර්ධන) වෙත ලැබීමට සැලැස්විය යුතුය.

ප්‍රතික්ෂේප කරනු ලබන අන්තර්ගත
  • අසභ්‍ය දර්ශන හා වචන
  • අපහාසාත්මක අන්තර්ගත
  • වෛරී සහගත අන්තර්ගත
  • ජාතිවාදී නිර්මාණ
  • ආගමික ගැටුම් ඇති කරන අන්තර්ගත
  • නීති විරෝධී අන්තර්ගත
  • පක්ෂ දේශපාලන ප්‍රචාරණාත්මක අන්තර්ගත
  • Deepfake නිර්මාණ

ඇගයීම් නිර්ණායක (Marking Scheme)
  • නිර්මාණශීලීත්වය – 30%
  • AI භාවිතයේ කාර්යක්ෂමතාව – 20%
  • තේමාවට ගැළපීම – 20%
  • දෘශ්‍ය / ශ්‍රව්‍ය ගුණාත්මකභාවය – 20%
  • ඉදිරිපත් කිරීමේ පැහැදිලිභාවය – 10%
Apply Online Upload AI file