News Details

Back To All News

සාරභූමි කෘෂි අලෙවි ප්‍රදර්ශනය (Green Talent) - 2023

  • September 1, 2023
  • 10.00AM - 10.00PM

සාරභූමි කෘෂි අලෙවි ප්රදර්ශනය (Green Talent) - 2023

මෙවර සාරභූමි කෘෂි අලෙවි ප්රදර්ශනය සාර්ථකව සැප්තැම්බර් මස පළමු වන දින ආරම්භ වූ අතර, එහි සමාරම්භක අවස්ථාව ගරු ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්රධානත්වයෙන් ජාතික තරුණ සේවා සභා පරිශ්රයේ දී ආරම්භ විය.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා කෘෂිකර්ම,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්යය මහින්ද අමරවීර , ක්රීඩා හා යෞවන කටයුතු අමාත්යාංශයේ ලේකම් k.මහේෂන් ජපන් රජයේ අමාත්යවරුන් වන Ozawa Masahito සහ Nakanishi Yusuke, ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්යක්ෂ ජනරාල් පසිදු ගුණරත්න සහ ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ (පාලන) මනුල චමල් පෙරේරා යන මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.
මෙම වැඩසටහන සැප්තැම්බර් මස 1, 2 සහ 3 යන තෙදින පුරා ජාතික තරුණ සේවා සභා පරිශ්රයේ දී කලාප 20ක් ආවරණය කරමින් ක්රියාත්මක විය.