News Details

Back To All News

Youth එක Clean වෙන ආදර පෙබරවාරීය

  • February 16, 2025
  • 10.00AM - 10.00PM

Youth එක Clean වෙන ආදර පෙබරවාරීය

මහනුවර වැවරවුම 

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය ඒකාබද්ධව දීපව්‍යාප්තව ක්‍රියාත්මක කල “YOUTH එක CLEAN වෙන ආදර පෙබරවාරිය” ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලනයේ මෙහෙයවීමෙන් මහනුවර දිස්ත්‍රික් දෙවන වැඩසටහන මහනුවර ක්වීන්ස් හෝටලය අසලින් ආරම්භ වී වැවරවුම වළාකුළු බැම්ම පිරිසිදු කිරීමේ වැඩසටහන 2025/02/16 වන දින පෙ.ව. 11.00 සිට ප.ව. 1.00 දක්වා මහනුවර වැවරවුම පරිශ්‍රයේ දී ඉතා සාර්ථකව පවත්වන්නට යෙදුණි.

මේ සදහා සහයෝගය දැක් වූ මහනුවර මහනගර සභාවටත් පූර්ණ අනුග්‍රහය දැක්වූ මහනුවර ඩයිනමික්ස් සින්හ සමාජයට විශේෂ ස්තුතිය පිරිනමන අතර මෙවන් වැඩසටහන් තාරුණ්‍යයට දායාද කල තාරුණ්‍යයේ නායකත්වයට Supun Wijerathna හදපිරි ප්‍රණාමය පුද කරමි.

උපුටා ගැනීම - සචින්තන දිසානායක, සහකාර අධ්‍යක්ෂ, ජාතික තරුණ සේවා සභාව.