News Details

Back To All News

35 වැනි තරුණ සේවා - රූපවාහිනි වොලිබෝල් තරගාවලිය

  • December 25, 2022
  • 10.00AM - 10.00PM

35 වැනි තරුණ සේවා - රූපවාහිනි  වොලිබෝල් තරගාවලිය

???? 35 වැනි තරුණ සේවා - රූපවාහිනී අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් ශූරතාවය පුත්තලම ට කාන්තා ශූරතාවය කැගල්ල ට ????
 
“35 වැනි තරුණ සේවා - රූපවාහිනී’’ අභියෝග ශූරතා කාන්තා පිරිමි වොලිබෝල් අවසන් මහා තරඟය2023.12 23 මහරගම ජාතික තරුණ මධ්යස්ථානයීය ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවති අතර, එහි පිරිමි ශූරතාවය තරග වට 3/2 ලෙස ( 22-25 , 19-25, 25-15 ,26-24,11,15 ) ලෙස ජයග්රහණය ලැබූ පුත්තලම දිස්ත්රික්කයට හිමි වූ අතර කාන්තා ශූරතාවය තරග වට 3 -0 (25-17, 25-19 , 25-16 )කැගල්ල දිස්ත්රික්කයට හිමි විය. පිලිවෙලින්මෙහි පිරිමි සහ කාන්තා අනුශූරතාවය ගම්පහ සහ පුත්තලම දිස්ත්රික් කණ්ඩායමට හිමි විය.
 
මෙහි කාන්තා තෙවන ස්ථානයට ගම්පහ සහ සහ බදුල්ල දිස්ත්රික් අතර පැවති තරගයෙන් තරගවට 3/1 ලෙස ( 25-21, 19-25, 16-25, 24-26) ගම්පහ කණ්ඩායම ජයගත් අතර පිරිමි තෙවන ස්ථානය සදහා කොළඹ හා කැගල්ල අතර තරගයෙන් (25-16, 25-14, 25-22) ලෙසින් කැගල්ල ජයග්රහණය කරන ලදි.
 
ක්රිඩා හා යෞවන කටයුතු අමාත්යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්රි ලංකා යෞවන සමාජ සම්මේලනය හා ශ්රි ලංකා රූපවාහිනී සංස්ථාව එක්ව සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලියේ ශූරතාවය දිනාගත් කාන්තා පිරිමි කණ්ඩායම් දෙක සඳහා මුදලින් රු. 150,000 ක් බැගින් ද හා ශූරතා කුසලානය බැගින් ද, අනුශූරතාවය සඳහා රු. 100,000 ක් හා අනුශූරතා කුසලානය බැගින් ද, 3 වන ස්ථානය සඳහා රු. 75,000 බැගින්ද, දක්ෂතම පන්දු ඔසවන්නා හා ඔසවන්නිය පුත්තලම දිස්ත්රික්කයේ ජේ. ඒ. ඒ. සහිර් හා කැගල්ල දිස්ත්රික්කයේ සුමිත්රා ප්රියදර්ශනි ට රු. 10000 බැගින් ද, දක්ෂතම ප්රහාරකයා හා ප්රහාරිකාව සඳහා ගම්පහ දිස්ත්රික්කයේ ඉසුර මධුශාන් කැගල්ල දිස්ත්රික්කයේ නිමේශිකා සෙව්වන්දිට ද රු. 10,000 බැගින් ද, දක්ෂතම පිටිය ආරක්ෂා කරන්නා හා ආරක්ෂා කරන්නිය පුත්තලම දිස්ත්රික්කයේ තිරාන් සංතුස් හා පුත්තලම දිස්ත්රික්කයේ උදේශිකා ශ්රිමාලි 10,000 බැගින් ද, දක්ෂතම ක්රිඩිකාව හා ක්රීඩකයා කැගල්ල දිස්ත්රික්කයේ දිල්රුක්ෂි කල්පනි හා පුත්තලම දිස්ත්රික්කයේ කවිදු පබසර වෙත රු. 65,000 බැගින් ද, ප්රදානය කෙරුනි.
මෙම උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් වැඩබලන ජනමාධ්ය හා තැපැල් අමාත්ය ශාන්ත බණ්ඩාර මහතා සහභාගී වූ අතර, ජාතික තරුණ සේවා සභාවේ තරුණ සේවා අධ්යක්ෂ ජනරාල්/සභාපති පසිඳු ගුණරත්න, ශ්රි ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් වැඩසටහන් සුමේද අතුලසිරි යන මහත්වරුද සහභාගී විය.
මෙම තරගාවලිය සඳහා කාන්තා හා පිරිමි කණ්ඩායම් 26 බැගින් සහභාගී විම විශේෂත්වයක් විය.