News Details

Back To All News

ජාතික ක්‍රීඩා දිනය සැමරේ.

  • August 2, 2022
  • 10.00AM - 10.00PM

ජාතික ක්‍රීඩා දිනය සැමරේ.

1948 වර්ෂයේ ජූලි 31 වන දින ලන්ඩන් නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයෙන් ‘ඩන්කන් වයිට්‘  විසින් රීදී පදක්කමක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවට මුල්ම ශලිම්පික් පදක්කම හිමි කර දීම නිමිත්තේන් පසුගිය වසරේ සිට ජූලි 31 වැනි දින ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.  

 එම ක්‍රීඩා දිනය සැමරීම වස් පසුගිය අගෝස්තු 02 දා ජාතික තරුණ සේවා සභෘවේ කාර්ය මණ්ඩල සාමාජිකාවන්, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ තරුණ තරුණියන් මෙන්ම, පුහුණු අභ්‍යාසලාභී තරුණ තරුණීයන්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා සැමරුම් වැඩසටහනක් ජාතික තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණී.

ජාතික කරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් රවින්ද්‍ර සමරවික්‍රම, අධ්‍යක්ෂ(පාලන) මනුල චමල් පෙරේරා, සිමාසහිත තරුණ සේවා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුරංග අජිත් යන මහත්වරුන් සමඟ තරුණ තරුණියන් එම වැඩසටහනට සහභාගී වූ අයුරු....